සිතුමිණ ඔබමය හදවත ඔබමය
දෙස රැස බස සුරකින දෙරණේ
නැණ එළි දල්වන මිණිපහණයි ඔබ
දිගාමඩුලු නව රජ දහනේ
අම්පාර සද්ධාතිස්ස මහා..........
විදුහල් මව්නි අපේ..........
සැරදේ.........ඔබ සැරදේ.........
කෙත් වතු වැව් පිස එන මද සුළගින්
ජීවය ලද ඔබෙ දරුවෝ
විදු බිම කෙළි බිම දස්කම් දක්වා
ලොව ජය ගත් සුර විරුවෝ
හෙළ වග පවතින තෙක් ඔබෙ කිතුරැව්
දෙරණත පිළි රැව් දෙන්නයි
මව්නි ඔබේ පා රැදි දූවිලි අප
නළලත තිලක සදන්නයි
සිතුමිණ ඔබමය හදවත ඔබමය..........